රාජ්‍ය නිලධාරීන්ට වාහන පර්මිට්? – රජයෙන් ගත් අලුත්ම තීරණය මෙන්න – 2024 මැයි 07

රජය විසින් ලබාදෙන වාහන සම්බන්දයෙන් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ, අනුව විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරීන්, පළාත් රාජ්‍ය නිලධාරින් සහ අධිකරණ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට නියමිතයි.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ඊට අදාලව නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ, අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කර පසුව එය අවුරුදු 60 දක්වා අඩු කිරීමත් සමග එම කාලය තුළ වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසු විශ්‍රාම ගිය නිලධාරීන් සඳහා මෙම තීරුබදු සහනය ලබාදීමට නියමිත බවයි.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රිවරු හා ඇමතිවරු බොහෝ පිරිසක් ද තීරු බදු රහිත වාහන ගෙන්වීමට අවසර ලබාදෙන ලෙසට කතානායකවරයාගෙන් පසුගිය දා ඉල්ලීමක් කර තිබුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *