හංගේරියානු ජාතික සභාවේ 

www.bbcmirror.lk    www.Lankawebnews.lk මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

නියෝජ්‍ය කථානායක ආචාර්ය ලජොස් ඕලා මහතා (Dr. Lajos Oláh) ශ්‍රී ලංකාවේ සිය දෙදින නිල සංචාරය අතරතුර පසුගියදා(23) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය.

හංගේරියානු නියෝජ්‍ය කථානායකවරයා පිළිගනිමින්, මෙරට කථානායකවරයා හංගේරියාව සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා සහ දෙරට ජනතාව අතර පවතින ශක්තිමත් සම්බන්ධතාවය සහිපත් කළේය. විශේෂයෙන් මෙරට මාර්ග සංවර්ධනය සහ ජල පිරිපහදු ව්‍යාපෘති සඳහා මෙන්ම GSP සහන ඇතුළුව යුරෝපීය සංගමය සහ අනෙකුත් ජාත්‍යන්තර තලයේ ලබා දෙන සහාය සඳහා හංගේරියාවේ අඛණ්ඩ සහයෝගයට ඔහු කෘතඥතාව පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *