පෘතුගාලයේ රාජ්‍ය හා විදේශ කටයුතු අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරිය හමුවෙයි

www.bbcmirror.lk    www.Lankawebnews.lk මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

පෘතුගාලයේ රාජ්‍ය හා විදේශ කටයුතු අමාත්‍ය Paulo Rangel මහතා 2026 පෙබරවාරි 24 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

මෙම සාකච්ඡාවේදී සංචාරක අංශයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව දෙපාර්ශවයේ ම අවධානය යොමු වූ අතර අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල සහයෝගීතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. දේශගුණික විපර්යාසයන් සහ එහි බලපෑම්වලට මුහුණ දීම සම්බන්ධයෙන්ද පුළුල් ලෙස සාකච්ඡා කරන ලද අතර, අවදානම් තත්ත්වයන්ට මුහුණ දීමේදි සාමූහික ක්‍රියාමාර්ගවල අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී අවධාරණය කරන ලදී.

 පර්යේෂණ, නවෝත්පාදන සහ තාක්ෂණ සංවර්ධනය ඇතුළු ව අධ්‍යාපනයේ සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීම සඳහා ඇති අවස්ථා පිළිබඳව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළා ය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ පෘතුගාල තානාපති João Ribeiro de Almeida, පෘතුගාලයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය දේශපාලන අධ්‍යක්ෂ ආචාර්ය Alexandra Bilreiro, කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය Filipe Ramalho Ortigão යන මහත්වරු සහභාගී වූහ.  ශ්‍රී ලංකා දූත පිරිසට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සහ අතිරේක ලේකම් (සංවර්ධන) සාගරිකා බෝගහවත්ත මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළත් විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

www.bbcmirror.com 

www.bbcmirror.lk      

www.bbcmirrormedia.com 

www.bbcmirrormedia.org

www.asianewsplusone.com       

www.sfmnewslk.com   

www.Lankawebnews.lk   

www.ceylonwebrepoter.com    

www.ceylonwebnews.com        

https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?mode=gi_c
https://youtube.com/@bbcmirror?si=gUipLaxS2au3wav-

https:/ www.instagram.com/bbcmirror_media_?igsh=MW5seTc0eW1yYmVsNw%3D%3D&utm_source=qr

Leave a Reply

Your email address will not be published. Required fields are marked *