කොළඹ මහ නගර සභා සීමාවේ පදිංචිකරුවන්ගෙන් අය කරන ආදාහන සහ භූමදාන ගාස්තු සම්පූර්ණයෙන්ම ඉවත් කරයි

www.bbcmirror.lk    www.asianewsplusone.com    www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com 

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

(2026/02/10දා)

පැවැති මහ නගර සභා රැස්වීමේදී  තීරණය කරනු ලැබිණි. සභිකයන් විසින් සිදු කළ අදහස්වලට  අනුව නගරාධිපතිනිය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබූ අතර ඒ පිළිබඳ විවාදය ඊයේ පැවැත් වූ අතර එහිදී මෙම යෝජනාවට සියලුම දෙනාගේ කැමැත්ත පළවී තිබෙනවා.

මේ අනුව  කොළඹ මහ නගර සභාව මඟින් සේවා සපයනු ලබන, කොළඹ මහ නගර සභා සීමාවේ සේවාලාභී පදිංචිකරුවන්ට බොරැල්ල, ජාවත්ත, මාදම්පිටිය සහ කිරුළපන යන සුසාන භූමිවල, කොළඹ මහ නගර සභාව විසින් පාලනය කරන කොටස් සඳහා ආදාහන සහ භූමදාන සඳහා අය කරන ගාස්තු සම්පූර්ණයෙන්ම නිදහස් වනවා.

 මෙතෙක් ගාස්තු වශයෙන් රුපියල් දසදහසක මුදලක් අය කර තිබූ අතර  මේ නිසා අඩු ආදයම්ලාභීන් දැඩි පීඩාවකට පත්ව සිටි බවයි පක්ෂ විපක්ෂ සභිකයන් අදහස් දක්වමින් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *