මිලියන 800ක පාඩුවක්.. අර්ජුනට සහ ධම්මිකට අධි චෝදනා 

www.bbcmirror.lk    www.asianewsplusone.com    www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com 

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

හිටපු ඇමති අර්ජුන රණතුංගට හා ඔහුගේ සොහොයුරෙකු වන ධම්මික රණතුංගට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ බව එම කොමිසම විසින් අද (22) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

ඛනිජතෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800කට ආසන්න මුදලක් පාඩු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන රණතුංගට හා ඔහුගේ සොහොයුරෙකු වන ධම්මික රණතුංගට අධි චෝදනා ගොනුකර ඇත.

මෙම නඩුව අද (22) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම මෙම දැනුම් දීම සිදු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *