www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (22) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
නියෝජිතයින් පිරිස මෙරටට පැමිණෙන්නේ දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු හානිය පිළිබඳව අධ්‍යයනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කිරීමේ අරමුණින් බවද පැවසේ.
අද දිනයේ දිවයිනට පැමිණෙන එම නියෝජිතයින් ලබන 28 වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතව තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ පස් වැනි සමාලෝචනය මේ වන විට අවසන් කර ඇති අතර ඊට අනුමැතිය ලබාදීම පිළිබඳව ද මෙම සංචාරයේ දී අවධානය යොමුවනු ඇති බව වාර්තා වේ.




