විශ්‍රාම යන සේවකයන්ගෙන් ජනාධිපතිට ලිපියක්

www.bbcmirror.lk    www.asianewsplusone.com    www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com 

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ස්වේච්ඡාවෙන් විශ්‍රාමයාම සඳහා ඉල්ලුම්කර ඇති සේවකයින් 2,200 දෙනාගේ ජීවනෝපාය සුරැකීම සඳහා මැදිහත් වන්නැයි ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි . එම සේවකයන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලිම කර ඇත.

අදාළ ලිපිය මගින් එම සේවකයින් සඳහන් කර ඇත්තේ ලබා දුන් නිශ්චිත කාල රාමුවක් තුළ ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමට තීරණය කරන ලද අතර ඒ හා සමගාමීව ඔවුන්ගේ ඉදිරි ජීවනෝපාය මාර්ග සැලසුම් කළ බවත් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය දිනෙන් දින කල්යාම තුළ ඔවුන් දැඩි වියවුලකටද පත්ව ඇති බවත් ය .

ලංකා විදුලි බල මණ්ඩලය අහෝසි වන නියමිත දිනය ප්‍රකාශයට පත් කරන තෙක් මණ්ඩලයෙන් ඉවත් වී තමන්ගේ නව සැලසුම් ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වී ඇති බව ඔවුන් සිය ලිපියේ සඳහන් කර ඇති බව වැඩි දුරටත් සදහන්වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *