www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com
මාධ්‍යවේදීනි
ෆාතිමා සෆාන්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහා මෙම වසර තුළ රුපියල් බිලියන 2402 ක ආදායම් ඉලක්කයක් හිමි වී ඇති බව එහි කොමසාරිස් නන්දන කුමාර පවසනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව විගණන කටයුතු සිදු කිරීම සඳහා මේ වන විට ගිවිසුමක් අත්සන් කර ඇති අතර, එමඟින් ලබාදී ඇති ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.
පසුගිය වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහා රුපියල් බිලියන 2202 ක ඉලක්කයක් හිමි ව තිබූ අතර, එම ඉලක්කය පසු කරමින් රුපියල් බිලියන 2244 ක ආදායමක් උපයා ගැනීමට හැකි වී තිබුණා.
