2026 ජනවාරි පළමුවැනිදා සිට ලන්ච් ෂීට් භාවිතය සම්පුර්ණයෙන්ම තහනම්.!

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com

2026 ජනවාරි (01) වනදා සිට ක්‍රියාත්මක වන පරිදි හෝටල් සහ ආහාර අලෙවිසැල් තුළ ලන්ච් ෂීට් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පේදුරුතුඩුව නගර සභාව තීරණය කර ඇත.

යාපනය – පේදුරුතුඩුව නගර සභා සීමාවට අයත් හෝටල් සහ ආහාර අලෙවිසැල් හිමිකරුවන් සමඟ පැවැති සාකච්ඡාවකදී පේදුරුතුඩුව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක පී. දිනේෂ් මේ බව සඳහන් කරයි.

මෙම තහනම උල්ලංඝනය කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට නියමිත අතර එම පුද්ගලයින්ට එරෙහිව නගර සභා සභාපතිවරයා සතු බලතල යටතේ අදාළ වෙළෙඳසැල්වල ව්‍යාපාරික බලපත්‍රය අත්හිටුවීමටද කටයුතු කරනු ඇත.

ලන්ච් ශීට් වෙනුවට ආහාර එතීම සඳහා කෙසෙල් කොළ, නෙළුම් කොළ, තේක්ක කොළ වැනි ස්වාභාවික දෑ මෙන්ම, ආහාර ඇසුරුම් කිරීම සඳහා අනුමත ඇලුමිනියම් ෆොයිල් සහ වෙනත් අනුමත බඳුන් භාවිතා කරන ලෙසට උපදෙස් ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *