හික්කඩුව වෙරළට ඔබ්බෙන් පිහිනමින් සිටි විදේශීය ජාතිකයකු ඊයේ දියේ ගිලී මිය ගොස් තිබේ.

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com

එම මුහුදු තීරයේදීම මුහුදට ගසාගෙන ගිය විදේශීය කාන්තාවක් පොලිසිය බේරා ගැනීමට සමත් වී ඇත.

ඊයේ (19)උදෑසන හික්කඩුව පොලිස් කොට්ඨාසයට අයත් වෑවල ප්‍රදේශයේදී මුහුදේ පිහිනමින් සිටි විදේශීය පුද්ගලයකු දැඩි රළ පහරකට හසු වී ගසාගෙන ගොස් ඇති බව පොලිසිය පැවසීය.

පසුව එම පුද්ගලයා නැවත වෙරළට ගෙනැවිත් 1990 සුව සැරිය ගිලන් රථ සේවාව මගින් බලපිටිය රෝහලට ඇතුළත් කරන ලද නමුත් ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ.

මියගිය පුද්ගලයා බෙලාරුසියානු ජාතික 54 හැවිරිදි අයකු ලෙස හඳුනාගෙන ඇත.

ඔහුගේ දේහය බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර, හික්කඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *