වකුගඩු රෝගීන්ගේ සමාජ සත්කාර උත්සවය දෙසැ. 20 කොළඹ නව නගර ශාලාවේදී.

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com

ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

සමස්ථ ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ 2025 වාර්ෂික සමාජ සත්a කාර උත්සවය දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා ප.ව. 1 සිට ප.ව. 5 දක්වා කොළඹ 07 නව නගර ශාලාවේදී පැවැත්වේ.

ගරු නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය හංසක  විජයමුණි මහතා සහ කොළඹ නගරාධිපතිනි ව්‍රායි බල්තසාර් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම අවස්ථාවට විද්වතුන් ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ගායක ගායිකාවන් හා විශේෂ ආරාධිත අමුත්තන් රාශියකගේ සහභාගිත්වයෙන් උත්සවශ්‍රීයෙන් සැමරෙයි.

මෙහි දී සීග්‍රයෙන් වැඩිවන වකුගඩු රෝගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා  වකුගඩු රෝගය පිළිබඳ දේශනය මාලිගාවත්ත ජාතික වකුගඩු රෝහලේ වකුගඩු විශේෂඥ වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා විසින් සිදු කරන අතර  වකුගඩු රෝගීන් සඳහා වියළි ආහාර ප්‍රදානයක් වකුගඩු රෝගීන්ගේ දරුවන් සඳහා පාසල් පොත් ප්‍රදානයක් එම දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානයක් සහ වකුගඩු රෝගීන් සඳහා රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාර සදහා වවුචර පත් ප්‍රදානයන් මෙන්ම සෞඛ්‍ය ප්‍රතිලාභ හිමිකම් ගෙවීමද මෙහිදී සිදුකෙරේ.

එසේම වකුගඩු පුවත් පතේ 33 වන කලාපය නිකුත් කිරීම හා 2026 වසරේ වකුගඩු කැලැන්ඩරය නිකුත් කරනු ලබන අතර මෙම උත්සව අවස්ථාව වර්ණවත් කිරීම සදහා සංවත්සරයට සහභාගී වන ප්‍රවීන ගායන ශිල්පීන් විසින් ගීතමය විරාමයන්ද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *