ආපදාවට පත්ව අනාරක්ෂිත වූ දරුවන්ගේ තොරතුරු මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමෙන් වළකින්න 

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com

ඇති වූ ආපදා තත්ත්වය හේතුකොටගෙන අනාරක්ෂිත වූ දරුවන්ගේ ඡායාරූප (Photographs), දර්ශන පට (Video Clips), තොරතුරු (Details); සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය තුළ ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

එම නිවේදනය පහතින් දැක්වේ.

“ඇති වූ ආපදා තත්ත්වය හේතුකොටගෙන අනාරක්ෂිත වූ දරුවන්ගේ ඡායාරූප (Photographs), දර්ශන පට (Video Clips), තොරතුරු (Details); සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය තුළ ප්‍රචාරය කිරීමෙන් වළකින්න.

එසේ සිදු කිරීම මගින් එම දරුවන්ගේ අනන්‍යතාවය සහ පෞද්ගලිකත්වයට හානි වීම සහ එම ඡායාරූප සහ තොරතුරු අවභාවිතා කරන ජාවාරම් කරුවන් අතට පත්වීම සිදුවිය හැක.

එවැනි තොරතුරු භාවිත කරමින් දරුවන් සූරාකෑම (Exploitation), ජාවාරම (Trafficking) වැනි ක්‍රියා සිදු කරන තැනැත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කෙරේ.

අනාරක්ෂිත දරුවන් පිළිබඳව හෝ මෙවැනි ජාවාරම් සිදු කරන තැනැත්තන් පිළිබඳව තොරතුරු ඔබ සතු නම් 1929 ළමා උපකාරක සේවය වෙත දැනුම් දෙන්න, නැතිනම් ආසන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී / ළමා ආරක්ෂක නිලධාරී දැනුවත් කරන්න. මේ මොහොතේ අපගේ කාරුණික හදවත් අනාරක්ෂිත දරුවන් වඩාත් අනාරක්ෂිත කිරීම වෙනුවට සුරක්ෂිත කිරීම සඳහා යොමුකරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *