වස දීලා මාව මරන්න හැදුවා – රොෂාන් රණසිංහගෙන් ආන්දෝලනාත්මක කතාවක් – 2024 මැයි 02

මීට මාස එකහමාරකට පෙරදී තමාව ඝාතනය කිරීමට යම් පිරිසක් උත්සාහ ගත් බව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන රොෂාන් රණසිංහ මහතා පවසනවා.

ඊයේ (01) ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැයි රැලියට සහභාගි වෙමින් ඔහු මේ බව පවසා සිටියා.

ඔහු පැවසුවේ තමන් ජපානය බලා පිටත්ව යන ගමනේදි ජපාන ගුවන් තොටුපලෙන් බැසීමට සූදානම් වන අවස්ථාවේදී තමන්ගේ බහිස්‍රාවි පද්ධතිය ක්‍රම ක්‍රමයෙන් අක්‍රීය වෙමින් පැවති බවයි.

එහිදි තමන් ජපානයේදී මේ සම්බන්ධව පරීක්ෂණයක් කල බවත් එහිදි පැහැදිලිවම නිරීක්ෂණය වී ඇත්තේ තමන්ට ලබා දුන් ආහාරවල යම් රසායන ද්‍රව්‍යක් තිබී ඇති බවත් එම ආහාර විස වීමෙන් තමන්ගේ බහිස්‍රාවි පද්ධතිය අක්‍රීය වී ඇති බවට හෙළි වූ බවයි.

කවුරුන් හෝ තමන්ගේ ආහාර වේල සඳහා වස ලබාදී තමන්ව ඝාතනය කිරීමට උත්සාහ දරා තිබෙන බවට රොෂාන් රණසිංහ මහතා පවසනවා.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *