අදත් දිවයිනේ සෙසු ප්‍රදේශවලට වැසිBBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com


මාධ්‍යවේදී
කොලින් හරිශ්චන්ද්‍ර

දිවයිනට නැගෙනහිර දෙසින් වන පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව දන්වා සිටි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි අතර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථාන වල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *