ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ


BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ලක්මව රනින් සැරසූ යුද්ධ හමුදා ක්‍රීඩකයින් හමුදාධිපතිගේ පැසසුමට

පසුගිය ඔක්තෝබර් මස 24 දින සිට තෙදිනක් පුරා ඉන්දියාවේ රංචි හි පැවති 4 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේදී දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉකුත් 30 වන දා යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා හමුවිය.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 59 දෙනෙකු සහභාගී වූ අතර ඔවුන්ගෙන් 30 දෙනෙකු යුද්ධ හමුදාව නියෝජනය කිරීම විශේෂත්වයක් විය.

එම යුද්ධ හමුදා ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් රන් පදක්කම් 12 ක් රිදී පදක්කම් 8 ක් සහ ලෝකඩ පදක්කම් 7 ක් දිනා ගනිමින් සමස්ත පදක්කම් 27 ක් ශ්‍රී ලංකාවට ලබා දීමට සමත් විය.

මෙම විශිෂ්ට ක්‍රීඩා ජයග්‍රහණය සඳහා දායකත්වය ලබා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනා හට යුද්ධ හමුදාධිපතිතුමන් සුභ පැතුම් එක්කල අතර ඔවුන්ගේ අනාගත ක්‍රීඩා අභිවෘද්ධිය වෙනුවෙන් මිලියන හයකට අධික විශේෂ මූල්‍ය පරිත්‍යාගයක්ද සිදු කරන ලදි.

එසේම පදක්කම්ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 දෙනෙකු හට යුද්ධ හමුදාධිපති විසින් ඔවුන්ගේ ඊළඟ නිලය සඳහා උසස්වීම් ප්‍රධානය කිරීමද මෙහිදී සිදුවිය.

මෙම අවස්ථාවට අදාල ඡායාරූපය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *