ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.BBCMirror.lk .CNNMirror.lkasianewsplusone.com sfmnewslk.com

මාධ්‍යවේදීනි
ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

මිලියන 182 ක හෂීස් සමග කැනඩා ජාතිකයෙකු අත්අඩංගුවට.
රුපියල් මිලියන 182 කට අධික වටිනාකමකින් යුත් හෂීම් විෂ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 182 ක් තම භාණ්ඩ අතර සගවා ගෙන මෙරටට රැගෙන පැමිණි කැනේඩියානු ජාතිකයෙකු ඉකුත් 27 දා රාත්‍රියේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගැනීමට රේගු දෙපාර්තුමේන්තුවේ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරීන් සමත්විය.

මෙම සැකකරු 21 වැනි වියේ පසුවන අතර එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඩුබායි සිට මෙරටට පැමිණ ඇත. අත්අඩංගුවට පත් සැකකරු හා විෂ මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාරදී ඇති අතර රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය විසින් වැඩි දුරටත් මේ සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරයි.

අත්අඩංගුවට ගත් විෂ මත්ද්‍රව්‍ය ඇතුළත් ඡායාරූප පහතින් ඒවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *