එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පවතින දුරස්ථභාවය නැති කරමින්, කැප වී වැඩ කරරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.


BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවකට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බවයි නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන කමිටුවේ සාකච්ඡා සඳහා එක්සත් ජාතික පක්ෂය සහභාගී වන බවත්, අනෙකුත් දේශපාලන පක්ෂ සමඟද සිය පක්ෂ සාකච්ඡා කළ යුතුව පවතින බවත් එම නිවේදනයේ සඳහන් වනවා.

තවද, පක්ෂ දෙක අතර සාකච්ඡා කිරීම සඳහා කමිටුවක් පත් කිරීමේ යෝජනාවට ද ඔවුන් එකඟත්වය පළ කර ඇති අතර, සමගි ජන බලවේගය මෑතකදී කළ ප්‍රකාශත්, එක්සත් ජාතික පක්ෂයේ මූලික අරමුණත් සලකා බලා ඉදිරි වැඩසටහන් සකස් කළ හැකි බවයි වැඩිදුරටත් දැනුම් දී තිබෙන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *