ස්කොට්ලන්තයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා පිලට විශිෂ්ට ජයක්

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ස්කොට්ලන්තයට එරෙහිව පැවති තරගය ශ්‍රී ලංකාව කඩුලු 10කින් ජය ගෙන තිබේ.

අබුඩාබිහිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 18යි පන්දුවක් තුළ දැවී ගියේ ලකුණු 94කදීයි.

පන්දු යැවීමේ දී කවීෂා දිල්හාරි කඩුලු 4ක් සහ ඉනෝෂි ප්‍රියදර්ෂණී කඩුලු 3ක් දවා ගත්තා.

ලකුණු 95ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 10යි පන්දුවක් තුළ කිසිවකු නොදැවී නියමිත ඉලක්කය පසු කළහ.

නායක චමරි අතපත්තු නොදැවී ලකුණු 59ක් සහ විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 24ක් රැස් කලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *