වප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.

සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුරාජණන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම කර මහා පෙළහර පාමින් වැඩසිට ඇත්තේ ද අදවන් පොහෝ දිනක බවද ශාසන ඉතිහාසයේ සදහන් වේ.

එමෙන්ම වස්සාන සමයේ පෙරවස් එළඹුකු භික්ෂූන් වහන්සේ තෙමසකින් වස් පවාරණය කිරීම අද වැනි පොහොය දිනකදී සිදු කෙරේ.

වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයක් වන අතර මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අගතැන් ලැබීම, මෛත්‍රී බෝධිසත්වයන් ගෞතම සම්බුදු සසුනේ පැවිදි බව ලැබීම, ථූපාරාම සෑ මළුවේ විනය සංගායනාව සිදුකිරීම, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටීම ආදී අසිරිමත් ශාසනික සංසිද්ධීන් සිදුවූයේද අද වන් වප් පුන් පොහෝ දිනයන්හි දී ය.

මේ අතර ටීවී දෙරණ විසින් සංවිධානය කරනු ලබන දෙරණාභිවන්දනා ධර්ම දේශනා වැඩසටහන අද දවස පුරාම ලුණුගම්වෙහෙර, පුංචිඅප්පු ජඳුර ශ්‍රී අශ්වත්ථාරාම විහාරස්ථානයේදී සිදු කෙරේ.

තවද එෆ්.එම්.දෙරණ අසපුව 127 වන පෝදා සජීවි විකාශය පොළොන්නරුව ගල්තඹරාව ශ්‍රී විජයාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින්ද අද දවස පුරා පැවැත්වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *