නාරාහේන්පිට දුම්රිය ස්ථානය නවීකරණය කරයිBBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

නාරාහේන්පිට දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ඇරඹේ

“Clean Sri Lanka” සමගාමී ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක “Dream Destination” වැඩසටහන යටතේ නාරාහේන්පිට දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය අද (27) ආරම්භ කෙරුණා.

කැලණි වැලි මාර්ගයේ තවත් එක් සුවිශේෂී දුම්රිය ස්ථානයක් සේ සලකන නාරාහේන්පිට දුම්රිය ස්ථානය කොටා රෝඩ් දුම්රිය ස්ථානයට හා කිරුලපන දුම්රිය ස්ථානයට මැදිව පිහිටා ඇත. කොළඹ සිට 5.06 km දුරක් හා මුහුදු මට්ටමේ සිට උස 3.72m කින් පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය ප්‍රධාන වේදිකා දෙකකින් හා එක් ටිකට් කවුන්ටරයකින් සමන්විත වෙයි.

කම්කරු දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ඇතුළු රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතනය රැසකට යාබඳව පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය එදිනෙදා රාජකාරී කටයුතු සඳහා පැමිණෙන මගී ජනතාව විශාල පිරිසක් භාවිතා කරයි.

ඒ අනුව මගී ජනයාගේ සුවපහසුව පිණිස මෙම දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග හරහා වේදිකා යා කරමින් මගී ගුවන් පාලමක් ඉදි කිරීම, දෙවන වේදිකාවේ වහලය සැකසීම, සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම, දුම්රිය මඟීන් සඳහා රැඳී සිටීමට සුවපහසු ආසන සැකසීම ඇතුළු නවීකරණ කටයුතු පෞද්ගලික අංශයේ පූර්ණ අනුග්‍රහය සහ NIO Engineering සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *