BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
2025(2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම 2025 සැප්තැම්බර් 18 දින සිට ඔක්තෝම්බර් 09 දින දක්වා මාර්ගගත ක්‍රමය මඟින් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද, අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතුය.
පෞද්ගලික අයදුම්කරුවන් අ.පො.ස.(සා.පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමේදී ජාතික හැදුනුම්පත භාවිත කළ යුතුය.
එමෙන්ම ජාතික හැදුනුම්පත නොමැති පෞද්ගලික අයදුම්කරුවන් තම භාරකරුගේ (මව හෝ පියා) ජාතික හැදුනුම්පත භාවිත කර ලියාපදිංචි වී අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වේ.

👍