මට ගෙවල් දෙන්න මිනිස්සු ඉදිරිපත් වුණා කැමැත්තෙන් යනවා

BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල නිවසින් ඉවත් වීමට තවත් දින කීපයක් ඉල්ලා සිටියේය.

ඒ අනුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ නිවස භාරදීමට ඔහු සූදානම් බවත් නව නිවසක් මෙවන විට සොයාගෙන ඇති බවත් එහි අලුත්වැඩියා කටයුතු සිදුකරන නිසා ටික කාලයක් මෙම නිවසේ සිටීමට අදහස් කර බවයි.

ඒ වගේම ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ මෙම නිවස කිසිදු පහසුකමක් නොමැති අපායක් වගේ තැනක් කියලයි ඒ නිසා එතනින් සතුටින් යනවා කියලත් සඳහන් කරා.

ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරන ආකාරයට ඔහුගේ නිල නිවසේ කාමර දෙකක් පමණයි තියෙන්නේ.

එම නිසා ඔහුගේ දරුවන් තුන්දෙනෙක්ගෙන් දෙන්නෙක් එක දවසක නිල නිවසට ආවොත් නතර වෙලා ඉන්න දෙන්න තැනක් නෑ කියලත් ඔහු ප්‍රකාශ කළා.

ඒ වගේම ඔහු මෙම නිල නිවසෙන් ඉවත් වීමට තීරණය කළ මොහොතේ ඔහු වෙනුවෙන් නිවාස වීමටද කීපදෙනෙක් ඉදිරිපත් වූ බව ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *