තෙල් ගබඩා කිරිම වැඩි කරන්න සංස්ථාවෙන් පියවරBBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

රට තුළ තෙල් සංචිත ධාරිතාව ඉහළ දැමීම සඳහා තවත් තෙල් ටැංකි 6ක් ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ඩී.ජේ රාජකරුණා මහතා සඳහන් කළේ පසුගිය කාලය තුළ ඉදිකිරීම් අතරමග නවතා දමා තිබු තෙල් ටැංකි ඉදිකිරීම් මෙලෙස ආරම්භ කිරීමට කටයුතු කරන බවය.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා මෙම අදහස් පළ කළේය.

මේ අතර වරායේ සිට කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තය දක්වා නව නළ මාර්ග දෙකක් ඉදිකිරීම සම්බන්ධයෙන් ද ඩී.ජේ රාජකරුණා මහතා එහිදී අදහස් පළකළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *