දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ කහතුඩුව අන්තර් හුවමාරු ස්ථාන අතර සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් හත්දෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ වෑන් රථයක් අද (16) අලුයම ලොරියක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.
තුවාල ලැබූවන් හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, දරුවන් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
හෝමාගම රෝහලට ඇතුළත් කළ කාන්තාවන්ගෙන් එක් අයෙකු තුවාල ලබා මියගොස් තිබේ.
මියගිය කාන්තාව වයස අවුරුදු 35යි
මොරගහහේන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි
