දැන් මහජන ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නෑ… තියෙන්නේ පාතාලය සහ පාතාලය අතර ප්‍රශ්නයක්…BBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

දේශපාලන බලය සඳහා සාදා ගත් අපරාධ කල්ලි මාසෙන් දෙකෙන් අවසන් කළ නොහැකි බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල පවසයි.

“පාතාල ක්‍රියාකාරකම් අලුතින් නිර්මාණය වෙච්ච ඒවා නෙවෙයි නේ. කාලයක් තිස්සේ දේශපාලනයත් එක්ක බද්ධ වෙලා, දේශපාලනය හරහා උපත ලබලා, දේශපාලනය හරහා පැවතිලා, ඔවුන්ගේ බලය පවත්වාගෙන යන්න භාවිත කරලා, දීර්ඝ කාලයක් සමාජයේ ස්ථාපිත වෙලා තිබුණු අපරාධ සංස්කෘතියක් මේ ඔබ අප අත්දකිමින් තිබෙන්නේ.‍

උදාහරණයක් හැටියට: අපි දන්නවා හමුදා කඳවුරුවලින් පවා ආයුධ එළියට දී තියෙනවා. ඇති තරම් රටේ ආයුධ සංසරණය වෙනවා. ඒ සියල්ල ඒ විදිහට තියාගෙන, ඒ පාතාල ක්‍රියාකාරකම් නතර වන්නේ නෑ. බලය පවත්වාගන්න භාවිත කරපු මේ පාතාලය අපි ආවයි කියලා මාසෙන් දෙකෙන්, අවුරුද්දෙන් ඉවර වන්නේ නැහැ. ඒත් මේක අඩපණ කරන්න අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය හැම පියවරක්ම අරන් තියෙනවා.

2024 සැප්තැම්බර් 23න් පස්සේ ඇති වෙච්ච වෙනස් වීමත් එක්ක, එතෙක් බලයේ සිටි පිරිස් සහ පාතාලය අතර ඝට්ටනයක් සිද්ධ වුණා. ඊට පස්සේ ඔවුන්, බොහෝ දෙනා මේ රට හැර ගියා. මොකද: දේශපාලන රැකවරණය දෙන්න කවුරුවත් ඒ අයට නැහැ. රැකවරණ සලසන්න කෙනකු නැති වුණාම, ඔවුන්ට සිදු වනවා ඔවුන්ගේ රැකවරණය සලසාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *