අද කාලගුණයBBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

එමෙන්ම බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව සඳහන් වේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *