
ඇඟිලි සලකුණු තියන්න අකමැති නම් වෙන තැනක රස්සාව කරන්න පුළුවන් – ඇමති නලින්ද
තැපැල් වර්ජකයන්ගේ ඉල්ලීම් දෙකක් වන ඇඟිලි සලකුණු යන්ත්‍ර ඉවත් කිරීම හෝ අතිකාල දීමනා වැඩි කිරීම යන ඉල්ලීම් ඉටු කිරීමට නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඒ අනුව, අදාළ තීරණ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බවත්, ඔවුන්ට සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් සාකච්ඡා කළ හැක්කේ මෙම ඉල්ලීම් දෙකට එකඟ වන්නේ නම් පමණක් බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.
ඉහත තීරණ සමඟ යාමට කැමති තැපැල් සේවකයන්ට සේවයේ රැඳී සිටිය හැකි බවත්, ඇඟිලි සලකුණු යන්ත්‍ර වලට අකමැති පිරිස් සිටිනවා නම්, ඇඟිලි සලකුණු යන්ත්‍ර නොමැති තැනක ගොස් රැකියාවක් කළ හැකි බවත් ඔහු ප්‍රකාශ කළා
