බොරැල්ලේ වෙඩි තැබීමෙන් මියගිය ගණන ඉහළටBBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

බොරැල්ල – සහස්පුර වෙඩි තැබීමේ සිද්ධියෙන් තුවාල ලබා කොළඹ ජාතික රොහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව මේ වන විට එම වෙඩි තැබීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් T 56 ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණා.

මෙම වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පාතාල කල්ලි දෙකක් අතර සිදුවූ ගැටීමක් බවටයි පොලිසිය සැකකරනු ලබන්නේ.

ඉයේ දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගාවලියක සංවිධාන කටයුතු සිදුකරමින් සිටි පිරිසක් ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.

තුවාල ලැබූ සියලු දෙනා අවුරුදු 21,22,සහ 23 යන වයස්වල පදිංචිකරුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *