දිවයිනට එන සංචාරකයින්ට කටුනායක ගුවන්තොටින් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ඇරඹේBBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfm

ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන්ට, වීසා කාලය අනුව මෙරටට වලංගු වන රියදුරු බලපත්‍ර සුළු කාලයකින් ලබා ගැනීමේ පහසුකම සහිත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ශාඛා කාර්යාලයක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී (03) දින විවෘත විය.
ඒ ප්‍රවාහන මහාමාර්ග, සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ, සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික හර්ෂ අබේවික්‍රම, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

මෙහි ප්‍රථම රියැදුරු බලපත්‍රය ඉන්දියානු ජාතිකයෙකුටත්, දෙවැන්න ඉතාලි ජාතිකයෙකුටත් අමාත්‍යවරයා විසින් පිරිනැමීම සිදු කෙරුණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *