අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සැහැල්ලු වාහනවල පසුපස මගීන් ද අසන පටි පැළඳීම (2025.08.01) සිට අනිවාර්යයි.BBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ආරක්‍ෂිත ආසන බඳ පටි පැළඳීම මගින් සුරක්‍ෂිත රිය ධාවනයටත් මගී හා දේපළ ආරක්‍ෂාවටත් මහත් පිටුවහලක් ලැබෙන බව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා පවසයි.

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම සැහැල්ලු වාහනවල පසුපස ආසනවල සිටින මගීන් ද ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීම 2025.08.01 වන දින සිට ක්‍රියාත්ම කිරීම පිළිබඳ රියැදුරන් සහ මගී ජනතාව දැනුම්වත් කිරීම සඳහා කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමේ පැවති අත් පත්‍රිකා බෙදාදීමේ අවස්ථාවට එක්වෙමින් සභාපතිවරයා මේ අදහස් දැක්වීය.

‘මාර්ග ආරක්‍ෂණ ක්‍රියාකාරී සැලැස්ම’ ප්‍රකාරව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ වසර දෙකක ක්‍රියාකාරී සැලැස්මේ එක් අදියරක් ලෙස මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

ලෝකයේ විවිධ රටවල් සිදුකළ අධ්‍යයන මගින් හඳුනාගත් ආකාරයට බඳ පටි පැළඳීම තුළිත් අනතුරු හානි 40%-45% සංඛ්‍යාවකින් අවම කරගැනීමේ හැකියාව පවතින බව සභාපතිවරයා මෙහිදී පැවසී ය. රියැදුරන්, මගීන් දැනුම්වත් කිරීම තුළින් පොදුවේ මහජනතාව ආරක්‍ෂිත ගමනාගමනයකට ක්‍රමිකව හුරු කරවීම මෙම වැඩසටහන මගින් සිදුකරනු ලබන අතර, ඒ මගින් ජීවිත, දේපළ හානි, පූර්ණ කාලීන ආබාධිත තත්ත්වයන් අවම කර ගැනීමට හැකිවන බව ද සභාපතිවරයා පැවසී ය.

ආසන බඳ පටි පැළඳීමේ කාර්යයේ දී 2025 ජූලි 01 වන දින සිට සියලුම මාර්ගවල ගමන් ගන්නා සියලු බස් රථ රියැදුරන් ආසන පටි පැළඳීම අනිවාර්ය කෙරිණ. මෙම ජාතික වැඩසටහනේ තෙවන පියවර ලෙස එළැඹෙන සැප්තැම්බර් 01 වන දින සිට අධීවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලුම වාහනවල සිටින සෑම මගියෙකුම ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කර ඇත.

මෙම අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ආර්.ඒ.ඩී. කහටපිටිය මහතා ඇතුලු නිලධාරීහු පිරිසක් එක්ව සිටිය හ.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage ‪+94750119199‬

🔴 Follow us on Website News 👉

BBCMirror.lk

CNN-Mirror.co

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on
YouTube 👉

🔴Sfm news And Asia news Plus One

🔴https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴please subscribe YouTube

🔴BBC MIRROR MEDIA

🔴https://youtube.com/@bbcmirrormedia?si=wMl-bZtd8qsFJIg-

🔴Please Like & Follow
Facebook

BBC Mirror
https://www.facebook.com/share/1EerrMn6ir/?mibextid=wwXIfr

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Please Follow us WhatsApp group

🔴Sfm news
🔴Asia News Plus One

https://chat.whatsapp.com/DYeUizAkhCWCceCwtWG5Gr?mode=r_c

🔴please Follow us
WhatsApp Group

🔴BBC Mirror
🔴CNN-MIrror

‎Open this link to join my WhatsApp Group: ‪https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *