ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් මහතා අතර හමුවක් 2025.07.22 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණ.
දූෂණයෙන් තොර වත්මන් රජය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වඩාත් ශක්තිමක්ව පැවැත්වීමට ප්‍රංශ රජය සූදානමින් සිටින බව තානාපති රෙමි ලැම්බර්ට් මහතා මෙහිදී විශේෂයෙන් සඳහන් කර සිටියේ ය.
එමෙන් ම දෙරටේ ආර්ථික සහයෝගිතාවය සහ සිවිල් ගුවන් සේවා ක්‍ෂේත්‍රයේ ගුණාත්මකභාවය නැංවීම, ප්‍රංශ සංචාරකයින් මෙරටට ගෙන්වීම ප්‍රවර්ධනය කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව සහ දෙරටේ සංස්කෘතික සබඳතා නැංවීමේ වැඩපිළිවෙල යටතේ කොළඹ, මහනුවර, මාතර හා යාපනය ප්‍රදේශවල පවතින ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණ.
