උතුරු මැද පලාතේ ගුරු විදුහල්පති ගැටලුව ඉදිරි මාස 3 තුළ විසඳන්නවාඅධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය-BBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බවත්, පළාත් සහ මධ්‍යම රජය නිසි පරිදි සම්බන්ධිකරණය පවත්වා ගත යුතු බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

2026 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පළාත්, කලාප හා කොට්ඨාස මට්ටමින් අධ්‍යාපන හා පරිපාලන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් ආරම්භ කළ දැනුවත් කිරීමෙි සාකච්ඡා මාලාවේ පළමු වැඩසටහන අමතමින් ඊයේ (12) උතුරුමැද පළාත් සභාවේ දී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් සිදුකරන විෂය මාලා සංශෝධනය, ඇගයීම් සහ තක්සේරුකරණ ක්‍රියාවලිය, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ගුරු විදුහල්පති සහ අධ්‍යාපන පරිපාලන පුරප්පාඩු අවම කිරීම, පලාත් සභා සහ මධ්‍යම රජය අතර නිසි සම්බන්ධිකරණය සිදු කිරීම, පළාත් සභා මට්ටමින් පවතින ගැටලු අවබෝධ කරගනිමින් ඊට කඩිනම් විසදුම් ලබා දීම පිලිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි කියලා අපි සියලු දෙනාම පිලිගන්නවා, ඒ වෙනුවෙන් මේ ප්‍රතිසංස්කරණය සිදුකළ යුතුයි. විශේෂයෙන් දැනට ඉන්න ගුරුවරුන් පුහුණු කරන්න අවශ්‍යයි, යටිතල පහසුකම් සංවර්ධනය කරන්න අවශ්‍යයි, පරිපාලන ව්‍යුහය ශක්තිමත් කරන්න අවශ්‍යයි, ඩිජිටල්කරණය සිදු කිරීමත් අවශ්‍ය වෙනවා.

ප්‍රධාන ම කාරණය මේ ප්‍රතිසංස්කරණය දිහා තනි තනිව බලන්න එපා, සමස්ථ ක්‍රියාවලියේ ම, පද්ධතියේ ම ප්‍රතිසංස්කරණයක් මේ සිදු කරන්නේ. මේ රට හැමදාම දියුණු වෙමින් තියන රටක් කියලා විතරක් මදි, ඒ ක්‍රමය වෙනස් කරන්න ඕන. ඒක කරන්න වෙන්නේ අපිටම තමයි. මොකක් හෝ හේතුවකට මේ තත්වය වෙනස් කරන්න අපිට සිද්ධවෙලා තිබෙනවා. ඒ වෙනුවෙන් ගුරුවරුන් විතරක් නෙමෙයි පරිපාලන ⁣ක්ෂේත්‍රය, දෙමාපියන් ඇතුළු සියලු දෙනා මැදිහත් වෙන්න අවශ්‍යයි. මේ ප්‍රතිසංස්කරණය ගැන නිවැරදිව දැනුවත් වෙන්න අවශ්‍යයි.

දරුවන් පාසලෙන් එළියට එනවිට විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන හෝ වෘත්තීය අධ්‍යාපනය තුළින් ඉදිරියට යන්න මාර්ගයක් නිර්මාණය කිරීමයි මේ සිදු කරන්නේ. රට ඉදිරියට ගන්න නම් අධ්‍යාපන පරිවර්තනය අනිවාර්යයෙන් සිදු කරන්න අවශ්‍යයි. ඒ වගේම මේ ක්‍රියාවලියේදී රාජ්‍ය සේවයට අදාල ස්ථාන මාරු නිසි පරිදි සිදු කරන්න වෙනවා. ගුරු විදුහල්පතිවරුන් ස්ථාන මරු කිරීම් නිසි පරිදි තුලනය කරන්න වෙනවා.

පළාත් වශයෙන් ගුරු විදුහල්පති ගැටලු විසදන්න අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග පළාත් සභාව හරහා සිදු කරන්න. ඒ වෙනුවෙන් අමාත්‍යංශය හරහා සිදුවිය යුතු චක්‍රලේඛ හා නීතිමය සංශෝධන සිදු කරන්න අපි සූදානම්. ජාතික පාසල්, පළාත් පාසල් කියලා බෙදන්න යන්න එපා. සියලු පාසල් අපේ, අපේ දරුවන් ඉන්නේ.

දැනට පාසල් තුළ සිටින දරුවන්ට අපි වග කියන්න ඕනේ, ඒ වෙනුවෙන් පාසල් වල තත්වය නිවැරදි කරගන්නයි අපිට අවශ්‍යය. ගැටලු විසඳන්න අපි එකඟතාවකට ඇවිල්ලා වැඩ කරමු.

ආණ්ඩුවක් ලෙස අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අපි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා සඳහන් කළා අධ්‍යාපනය වෙනුවෙන් මානව සම්පත දියුණු කරන්න, යටිතල පහසුකම් සංවර්ධනය කරන්න අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දෙන්නම් කියලා.

අපිට තියෙන්නේ මේ ගැටලු ටික විසඳගෙන නව අධ්‍යාපන පරිවර්තනය සිදු කිරීමයි. පළමු වසර අපිට දුෂ්කර වෙයි නමුත් වසර තුන හතරක් යන විට පහසුවෙන් සිදු කරන්න පුලුවන් වෙයි.

අපිට මේ සාකච්ඡා වැදගත් වෙන්නේ පළාත් මට්ටමෙන් මේ ක්‍රියාවලිය සිදු කිරීමේදී පවතින ගැටලු නිරාකරණය කරගන්නයි. අපේ දරුවන් වෙනුවෙන් මේ පරිවර්තනයට ඔබේ සහය ලබා දෙන්න.

විශේෂයෙන් උතුරු මැද පලාතේ තියන ගුරු විදුහල්පති ගැටලුව ඉදිරි මාස තුන තුළ විසඳන්න කටයුතු කරන ලෙසද අග්‍රාමාත්‍යතුමිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.

වෙළඳ, වාණිජ හා පාරිභෝගික සේවා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා,

උතුරු මැද පළාතේ අධ්‍යාපන ගැටලු රාශියක් තිබෙනවා. විශේෂයෙන් මෙතෙක් කලක් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරු නිසි පරිදි පත්කර පත්වීම් ලබා දීලා නැහැ. විදුහල්පතිවරු නිසිපරිදි පත්කරලා නැහැ. ඒ සියල්ල විසදන්න අවශ්‍යයි. අධ්‍යාපන අමාත්‍යංශය අවශ්‍ය කටයුතු සිදු කරනවා වගේම පළාත් මට්ටමින් අධ්‍යාපනයේ තිබෙන ගැටලු නිරාකරණය කරන්න කටයුතු කරන්න. උතුරු මැද පළාතේ සමහර විදුහල්වල විදුහල්පතිවරු නැහැ කියනවා. නමුත් අතිරික්ත ශ්‍රේණිධාරී විදුහල්පතිවරු 46ක් සිටිනවා. ළමයි 16කට එක් ගුරුවරුවරයෙක් ඉන්නවා නමුත් පාසල්වලින් කියනවා ගුරුවරු නැහැ කියලා මේ තත්වය කඩිනමින් වෙනස් විය යුතුයි. නිවැරදිව ස්ථානමාරුවීම් සිදු කරලා. සම්මුඛ පරීක්ෂණයක් කරලා විධිමත් ලෙස පත්වීම් නොලැබූ නිලධාරීන්ට නිසි පරිදි පත්වීම් ලබා දෙන්න කටයුතු කරන ලෙසද වෙළඳ, වාණිජ හා පාරිභෝගික සේවා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී භාග්‍ය ශ්‍රි හේරත්, නිමල් පලිහේන, උතුරුමැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව, උතුරුමැද පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පී. ජයසිංහ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.එම්. ඩබ්. සමරකෝන් යන මහත්වරුන්, අධ්‍යාපන අමාත්‍යංශය, විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය, උතුරුමැද පළාත් සභාව, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website News 👉

BBCMirror.lk

CNN-Mirror.co

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on
YouTube 👉

🔴Sfm news And Asia news Plus One

🔴https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴please subscribe YouTube

🔴BBC MIRROR MEDIA

🔴https://youtube.com/@bbcmirrormedia?si=wMl-bZtd8qsFJIg-

🔴Please Like & Follow
Facebook

BBC Mirror
https://www.facebook.com/share/1EerrMn6ir/?mibextid=wwXIfr

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Please Follow us WhatsApp group

🔴Sfm news
🔴Asia News Plus One

https://chat.whatsapp.com/DYeUizAkhCWCceCwtWG5Gr?mode=r_c

🔴please Follow us
WhatsApp Group

🔴BBC Mirror
🔴CNN-MIrror

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *