ජපානයේ රැකියා අවස්ථාවක්


BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ජපානයේ වන කර්මාන්තයට අදාළ රැකියා (Forest Industry) පුහුණුව සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකිරීම සම්බන්ධයෙන් ජපානයේ විශේෂ දූත පිරිසක්, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ සමඟ අද (09) සාකච්ඡා පවත්වා තිබෙනවා .

කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක මහතා සමඟ මෙම සාකච්ඡාවට ජපානයේ Oita ප්‍රාන්තයේ මහජන සහයෝගිතා පදනමේ ප්‍රධානී, වන කර්මාන්තය සම්බන්ධ සමාගම් ප්‍රධානීන් , IM Japan කොළඹ කාර්යාලයේ නියෝජිතයින් එක්ව ඇති බවයි සඳහන් වන්නේ .

එහිදී ජපානයේ වන කර්මාන්තයට අදාළ රැකියා පුහුණුව සඳහා ශ්‍රි ලාංකික තාක්ෂණික පුහුණුලාභීන් යොමුකිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කළ අතර, මෙම පිරිස තංගල්ල පුහුණු මධ්‍යස්ථානයේ පවත්වන ජපන් පෙර විගමණික පුහුණුව පිළිබඳවද කරුණු සොයාබලා තිබෙනවා .

ශ්‍රි ලාංකික තරුණ තරුණියන්ට ජපානයේ පුහුණු අවස්ථා ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් කාර්යාංශ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක මහතා ජපන් නියෝජිතයින්ට ස්තූති කළ අතර, ඔවුන්ගේ රැකියා වැඩසටහනට උපරිම සහයෝගය ලබාදෙන බවද ප්‍රකාශ කර තිබෙනවා .

One thought on “ජපානයේ රැකියා අවස්ථාවක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *