විද්‍යුත් ජාතික හැඳුනුම්පත ගැන අමාත්‍යංශයෙන් නිවේදනයක්


BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

විද්‍යුත් ජාතික හැඳුනුම්පත
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින්,විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (e-NIC) යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පරිගණක හා උපකරණ පද්ධතිය සඳහා විදුලිය බෙදාහැරීමේ ඒකක ප්‍රසම්පාදනය පිළිබඳව පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධව කරුණු දක්වා තිබේ.

රජයට හිතවත්කම් ඇතැයි දක්වන ව්‍යාපාර වෙත මෙම ප්‍රසම්පාදන යටතේ අයතා වාසි ලබා දීමට කටයුතු කරනු ඇති බවටත් පළවන මාධ්‍ය වාර්තා සාවාද්‍ය නොවන බවයි,නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පැවසුවේ.

එමෙන්ම විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතියේ ඉතිරි සියළු ප්‍රසම්පාදන ද ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මෙතෙක් සිදුකළ පරිදි ඉහළ පාරදෘශ්‍යතාවයකින්, නිසි ප්‍රමිතියෙන් හා පිරිවැය සඵලදායකත්වයෙන් යුතුව සිදුකරන බවත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *