ගම්පහ ප්‍රදේශ රැසකට අද පැය 12ක ජල කප්පාදුවක්


BBCMirror.lk . asianewsplusone.com sfmnewslk.com

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (07) දිනයේ පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ අද පෙරවරු 8.30 සිට පස්වරු 8.30 දක්වා වූ කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවය.

ලංකා විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද උප පොළ මsන් බෙදාහරිනු ලබන මාර්ගයන්හි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා ඇළ, කටුනායක / සීදුව නගර සභා බල ප්‍රදේශ, කැලණිය, බියගම, මහර, දොම්පේ, ජා-ඇළ, කටුනායක, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *