දුම්රිය මාර්ගයේ දුම්රිය වේලාවන් සංශෝධනය කෙරේ


BBCMirror.lk . asianewsplusone.com sfmnewslk.com

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය වන වේලාවන් සංශෝධනය කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ එම මාර්ගය භාවිත කරනු ලබන මහජනතාවගේ දැඩි ඉල්ලීම මත සති අන්තයේ පමණක් ධාවනය කරනු ලබන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය හෙට (07) දින සිට දිනපතා ගල්කිස්ස සහ කන්කසන්තුරය අතර ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවය.

එමෙන්ම මීට සමගාමීව දිනපතා කොළඹ කොටුවෙන් පෙරවරු 05.45ට කන්කසන්තුරය දක්වා ධාවනය කරන ලද යාල්දේවි දුම්රිය හෙට දින සිට කොළඹ කොටුවෙන් පිටත්වන වේලාවද සංශෝධනය කර තිබේ.

ඒ අනුව එම දුම්රිය කොළඹ කොටුවෙන් පිටත්වන වේලාව පෙරවරු 06.40 ලෙස සංශෝධනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

මේ අනුව මාසයකට පෙර දුම්රිය ආසන වෙන් කර ගත් මගීන් හට යාල් දේවී දුම්රිය පිටත්වන නව වේලාව පෙරවරු 06.40 ලෙස සංශෝධනය විය යුතු බවද දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *