පොලිස් නිලධාරීන් සීමාව ඉක්මවා බලය පාවිච්චි කළොත් ඒවාට පුද්ගලිකව වගඋත්තර බඳින්න වෙනවා – පොලිස්පතිsfmnewslk.com

පොලිස් නිලධාරීන් රාජකාරී කිරීමේදී සීමාව ඉක්මවා බලය පාවිච්චි කළහොත් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් පුද්ගලිකව වගඋත්තර බඳින්නට සිදුවන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

මැදවච්චිය පොලීසියේ නිලධාරීන් පිරිසක් සිදුකළ පහරදීමක් හේතුවෙන් තරුණයෙකුගේ වෘෂණ කෝෂයක් සැත්කමකින් ඉවත් කිරීමට සිදුවීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

මේ වන විට එම සිදුවීමට අදාළ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කර, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත්, අදාළ චෝදනාව එල්ල කරන අයද නීතිවිරෝධී මත්පැන්, මත්ද්‍රව්‍ය සහ වෙනත් කටයුතු සම්බන්ධව පෙර වැරදි ගණනාවක් ඇති පවුලක අය බවයි පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *