2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා රන් පදක්කම්ලාභීන්ට ඩොලර් 50,000ක් පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කිරීමත් සමග ජවන හා පිටිය ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට මුදල් ත්‍යාග ප්‍රදානය මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සිට ආරම්භ වනවා. මලල ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩා උළෙලක වැඩියෙන්ම නරඹන එක් ඉසව්වක් වන බැවින් මෙය සංකේතාත්මක පියවරක්. පැරිස් ඔලිම්පික් පදක්කම් නිපදවන්නේ අයිෆල් කුළුණේ කැබලිවලින් ජයග්‍රාහී සහාය දිවීමේ කණ්ඩායම් ඩොලර් 50,000ක මුදල ඔවුන්ගේ සාමාජිකයන් අතරේ බෙදා ගත යුතුව තිබෙනවා. ප්‍රංශයේ පැවැත්වෙන මේ වසරේ ඔලිම්පික් උළෙලේ පිරිමි, කාන්තා සහ මිශ්‍ර ජවන හා පිටිය ඉසව් හතළිස් අටේ රන් පදක්කම්ලාභීන්ට ගෙවීම පිණිස ඩොලර් මිලියන 2.4ක් වෙන් කරන බව ලෝකයේ මලල ක්‍රීඩාව පාලනය කරන බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. ජයග්‍රාහී සහාය දිවීමේ කණ්ඩායම් ඩොලර් 50,000ක මුදල ඔවුන්ගේ සාමාජිකයන් අතරේ බෙදා ගත යුතුව තිබෙනවා. රිදී සහ ලෝකඩ මලල ක්‍රීඩා පදක්කම්ලාභීන්ටත් මුදලින් සංග්‍රහ කිරීම 2028 වසරේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
sfmnewslk.com