අවුරුදු නැකත් වලට දෙහි කැපූ ඇමති විදුරම ජනපතිට නැකත් භාර දෙයි

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නැකැත් කමිටුව විසින් සකස් කරන ලද නිවැරදි නැකැත් සීට්ටුව මෙලෙස ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.

චිරාගත පිළිවෙත් අනුව අඬබෙරකරු සමඟ පැමිණි නැකැත්කරු රැගෙන ආ නැකැත් සීට්ටුව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුවා.

අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, ලිප ගිනි දැල්වීම, ආහාර අනුභවය, හිසතෙල් ගෑම සහ නව වසරේ රැකියා සඳහා පිටත්ව යාම ආදී සුබ මුහුර්තයන් නැකත් සීට්ටුවට ඇතුළත්ය.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් අලුත් අවුරුදු නැකත් සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කරනු ලැබුවා.

අමාත්‍යවරයා එසේ විවේචනය කරමින් මෙලෙස නැකත් පත්‍රය ජනපතිට පිරි නැමීම කෙතරම් නම් සුදුසුද? යන ඔබම තීරණය කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *