ලංකා සතොස අත්්‍යයවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළටsfmnewslk.com

එළැඹෙන උත්සව සමය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබාදෙන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමා තිබෙනවා.

වියලි මිරිස් කිලෝවක් රුපියල් 300කින් පහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 850ක් ලෙසයි.

චීනයෙන් ආනයනය කරන ලද බී ලූණු කිලෝවක මිල රුපියල් 120කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 375ක් ලෙස සටහන් වෙනවා

එසේම ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ආනයනය කරන ලද බී ලූණු කිලෝවක මිල රුපියල් 50කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 445 ක්.

සුදු ලූණු කිලෝවක් රුපියල් 15කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 680ක් ලෙස සටහන්ව තිබෙනවා.

අර්තාපල් අල කිලෝවක් රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 165 ක්.

එසේම රතු පරිප්පු කිලෝවක් රුපියල් 7කින් ද සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 3කින් ද පහළ දැමීමට ලංකා සතොස තීරණය කර තිබෙනවා
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *