sfmnewslk.com
රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් යැයි කියමින් එන පිරිස් හා ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාර ගැන අප අවධියෙන් :
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපති වරණයට තමන් වඩාත් සුදුසු යැයි කියමින් පිරිසක් රට තුල සැරිසරන බැවින් ඔවුන්ගේ සැබෑ මුහුණුවර හඳුනා ගැනීමට ජනතාව අන් කවරදාටත් වඩා ඔවුන් හා එම දේශපාලන ව්‍යාපාර පිළිබඳව විමිසිලිමත්ව හා බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව මානව හිමිකම් සුරකිමේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ,ජාතික එකමුතු සංවිධානයේ හා sfm news සභාපති එම්.එම්.ෂෆාන් මහතා පවසයි .
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාවගේ පෙළ ගැස්ම කෙබඳු විය යුතු ද යන්න පිළිබඳව sfm news සමඟ කළ සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඒ මෙම අදහස් පළ කළේය .
පසුගිය ජනාධිපති වරණයේදී දේශපාලන අත් දැකීම් රහිත පුද්ගලයෙකුට රට භාර කර ජනතාවට සිදු වූ හානිය යළි මේ රට තුල ඇති නොවීමට නම් ඉදිරි කාලය රට පාලනය කිරීමේ වගකීම පැවැරිය යුත්තේ කවරකුට දැයි තෝරා ගැනීම රටේ ජනතාව ඉදිරියේ ඇති අසීරු අභියෝගයක් බවද ඒ මහතා පවසයි .
තමන් විඳි ගැහැට මතු පරපුරට ඉතිරි නොකර රටේ අනාගත පරපුරට යහපත් රටක් බිහි කිරීම සියලු දෙනාගේම අපේක්ෂාව බැවින් ඒ සදහා නායකත්වය ලබා දිය හැකි සුදුසුම නායකයා හදුනා ගැනීම සදහා සමාජය තුල පුළුල් සංවාදයක් ගොඩනැගීමට සුදුසුම කාලය මෙය බවත් ඊට පුළුල් වේදිකාවක් සැකසීමට ජාතික එකමුතු සංවිධානය සූදානම් බවත් ෂෆාන් මහතා පවසයි .
“ජනාධිපති වරණය හා මහමැතිවරණය 2024 දී පැවැත්වෙන බව මේ වන විට ප්‍රකාශයට පත් වී අතර ඊට ඉදිරිපත් වන අපේක්ෂකයින් තැනින් තැන විවිධ මුහුණුවර වලින් කරළියට එමින් සිටිනවා.බලය ලබා ගැනීමට හෝ වෙන පුද්ගලයෙකු බලයට ගෙන ඒම සදහා ඇතැමුන් ව්විධ උප්පරවැට්ටි යොදමින් සිටිනවා.ඒ සම්බන්ධයෙන් රටේ නැති ප්‍රශ්න නිර්මාණය කරමින් සිටිනවා .
පසුගිය කාලයේ ඇතැමුන් බලය ලබා ගැනීම වෙනුවෙන් ජාතිවාදය වැපිරීමට කටයුතු කළා.එහි ප්‍රතිවිපාක තවමත් මේ රටේ සමස්ථ ජනතාව විදිනවා.මින් ඉදිරියට එවැනි පහත් ක්‍රියා තුලින් රටේ බලය ලබාගැනීමට කිසිවෙකුට ඉඩ නොතැබීමට අප සියලු දෙනාම වගබලා ගත යුතුයි .කවරෙකු හෝ කුමන කණ්ඩායමක් රට තුල යළිත් එවැනි පහත් දේශපාලන කටයුතු වල නිරත වීමට උත්සාහ ගන්නේ නම් ඒවා පරාජය කිරීමට ජාතික එකමුතු සංවිධානය පෙරට එනවා.යැයිද ෂෆාන් මහතා වැඩිදුරටත් පැවැසීය .
G.F.B.ඡායා
sfmnewslk.com

대전세븐나이트