ඝාතනයට ලක්ව ඇත්තේ මැණික්හින්න ඉත්තමල්ලියගොඩ ප්රදේශයේ පදිංචි චමිල සූධීර රත්නායක (43) නැමැති හිටපු යුද හමුදා සෙබලෙක් බවට හඳුනාගෙන ඇති අතර ඔහුගේ මළ සිරුර විහාරස්ථානයේ පිටු පස ගරාජයේ තිබී පොලීසිය සොයා ගෙන තිබේ.
විමහාරස්ථාන පරිශ්රයට ඇතුළු වූ පුද්ගලයාට පුද්ගලයින් කිහිප දෙනෙකුම ඉතා දැඩි ලෙස පහරදී තිබෙන බවට මියගිය පුද්ගලයාගේ ශරීරයේ දක්නට ලැබෙන තැලීම් තුවාල වලින් තහවුරු වන බව පොලීසිය පවසයි.
මෙම පුද්ගලයා අලුයම 4.00 ට පමණ විහාරස්ථාන භූමියට ඇතුළු වී තිබෙන බවට තොරතුරු අනාවරණය තිබේ. අත්පා ලණු වලින් ගැටගසා අමානුෂික ලෙස පහර දී පැය ගණනාවක් යනතුරුම සිද්ධිය සම්බන්ධයෙන් විහාරස්ථානය මගින් පොලීසිය දැනුවත් නොකරීම ගැටලු සහගත බව මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී මහනුවර උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේය.
විහාරස්ථන පරිශ්රයේ පොලිස් මුල පොළක්ද ක්රියාත්මකය. එහි සේවයේ නියුක්තව සිටි ග්රාමාරක්ෂක නිලධාරියෙකු පොලීසියට පවසා ඇත්තේ තමන් ශබ්දයක් ඇසී බලන විට පුද්ගලයින් කිහිපදෙනෙකු තවත් අයෙකුට පහර දෙමින් සිටිනු දුටු බවයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මහනුවර කොට්ඨාස ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ මෙහෙය වීම මත පොලිස් අධිකාරී එන්.ඉලංගකෝන්, මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් යන මහත්වරු ඇතුළු පිරිසක් පරීක්ෂණ පවත්වති.
