සංගීත ශිල්පියා මාට්ටු – සංගීත බඩු අස්සේ කෝටි හතරක මත්ද්‍රව්‍ය

කොටහේන සුමිත්‍රාරාම මාවතේ නිවසක් වටලා රුපියල් කෝටි හතරකට ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සංගීත ශිල්පියෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වනවා.

පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් නිවස වටලා සිදුකළ සෝදිසියේදී වාදන භාණ්ඩ අතර තිබූ බෙරයක ඉතා සූක්ෂම ලෙස මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබූ බව පොලිසිය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *