අලුත් අවුරුද්දට රජය විසින් තවත් දීමනාවක් රුපියල් 10,000කින් වැඩි කරයිsfmnewslk.com


රජය විසින් ගෙවනු ලබන තවත් දීමනාවක් රුපියල් 10,000කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

ඒ අනුව සෞඛ්‍ය අංශයේ හෙද කාර්ය මණ්ඩලය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා ගෙවනු ලබන නිල ඇදුම් දීමනාව වන රුපියල් 15,000 දීමනාව මෙම වසර සඳහා රුපියල් 25,000 දක්වා රුපියල් 10,000 කින් ඉහල දමා ඇත.

මෙම දීමනා ගෙවීමට අදාළ චක්‍රලේඛය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති අතර මෙම වසර සඳහාවූ මෙම සංශෝධිත දීමනා මැයි මාසයේ සිටද ලබන වසර සඳහා වූ සංශෝධිත දීමනා එම වසරේ මාර්තු සිට ගෙවීමටද අනුමැතිය ලබාදී ඇත.

මැලේරියා සහ බරවා මර්දන සහායක, මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරී, කීට විද්‍යා සහකාර, පාසල් දන්ත චිකිත්සක යන තනතුරුධාරින්ට දැනට ගෙවන රුපියල් 10,300 දීමනාව රුපියල් 17,000 දක්වා රුපියල් 6,700 කින් ඉහළ දමා ඇත.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට දැනට ගෙවන රුපියල් 14,000 දීමනාව රුපියල් 23,000 දක්වා රුපියල් 9,000 කින් ඉහළ දමා ඇත.

පශු එන්නත්කරුවන්ට හා කනිෂ්ට කාර්ය මණ්ඩල සේවකයන්ට දැනට ගෙවන රුපියල් 9,300 දීමනාව රුපියල් 15,000 දක්වා 5,700 කින්
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *