නිදහස් පක්ෂය ඇතුළේ හොරු ?- පොලිසිය වැඩට බහිsfmnewslk.com


ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ තිබූ වැඳගත් ලිපිගොනු කීපයක් අතුරුදහන්ව ඇති බවට එම පක්‍ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා මරදාන පොලිසියට පැමිණිළි කර තිබෙන බව වාර්තා වනවා.

එම පක්‍ෂයේ පරිපාලනයට සම්බන්ධ ඉතාම වැඳගත් ලිපිගොනු කීපයක් එසේ අතුරුදහන්ව ඇති බව ද ඒ මහතාගේ පැමිණිල්ලේ සඳහන් කර ඇති බව මරදාන පොලිසියේ ආරංචි මාර්ග සඳහන් කළා.

අදාල පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්‍ෂණ මේ වන විට ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ සේවකයන් ඇතුළු කීපදෙනෙක්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවයි පොලිසියේ ආරංචි මාර්ග සඳහන් කළේ,
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *