මගීන් 100ක් රැගෙන ගිය යාත්‍රාවක් ගිනි ගනී

දකුණු තායිලන්තයට ඔබ්බෙන් සූරත් තානි නම් මුහුදු ප්‍රදේශයේදී මගීන් 100ක් පමණ සිටි යාත්‍රාවක් ගිනිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේවෙතත් ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බව එහි සිටි බලධාරීන් තහවුරු කර තිබෙනවා.

ගින්න ආරම්භ වන විට මෙම යාත්‍රාව ගමනාන්තයට ලඟා වී සිටිය බවත්,සමහර මගීන් ගින්නෙන් ආරක්ෂා වීමට මුහුදට පන ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *