පක්ෂයේ දේශපාලන තීන්දු ගැනීම පක්ෂ මධ්යම කාරක සභාව ඇතුළු පක්ෂයේ සෙසු කාරක සභා මගින් පමණක් තීරණය කරන බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජ්යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කරනවා.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන, මෛත්රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ඊයේ දින (04) වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබූවා.
හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි, කොළඹ දිසා විනිසුරුවරයා ලබන 18 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි එම වාරණ නියෝගය නිකුත් කර තිබුණේ.
අධිකරණ ක්රියාවලිය තුළ නීතිමය පැහැදිලි කිරීමක් මගින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවත්, පක්ෂයේ දේශපාලන ඉදිරි තීන්දු තීරණ පක්ෂයේ කාරක සභාවන් විසින් ගනු ඇති බවයි පක්ෂ ජ්යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසන්නෙ.
sfmnewslk.com
