ගුවන්යානා 10ක් අවශ්‍ය වුවත් මිලදීගත හැක්කේ 2ක් පමණයි – නිමල් සිරිපාල ද සිල්වාsfmnewslk.com

ශ්‍රී ලංකා ගුවන් සේවාවේ ගමන්වාර සඳහා ගුවන්යානා 10ක අවශ්‍යතාව තිබුණද, ගුවන්යානා නිෂ්පාදනයේ පවතින හිඟය නිසා දැනට මෙරටට අලුතින් මිල දී ගැනීමට හැකි වනුයේ ගුවන්යානා 2ක් පමණක් බව වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවා.

කැබිනට් අනුමැතියක් යටතේ ගුවන්යානා 4ක් කල්බදු පදනමට ගැනීමට පියවර ගත්තද, මිල දී ගැනීමට හැකි වනුයේ 2ක් පමණක් බවද ඇමැතිවරයා ප්‍රකාශ කළා.

ඇමැතිවරයා මේ බව පැවසුවේ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේදී ඊයේ (3) පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

කල්බදු ක්‍රමය යටතේ ගුවන් යානා මිල දී ගැනීම දීර්ඝ කාලීන ක්‍රියාවලියක් බවත්, වෙළෙඳපොළට ගොස් සීනි, පිටි මිල දී ගන්නා සේ ගුවන්යානා මිල දී ගැනීමට නොහැකි බවත් ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළා.

මෙරටට අයත් ගුවන් යානා 23ක් තිබුණද, විවිධ දෝෂයන්ට ලක් වූ ගුවන් යානා නිසා මේ වන විට ධාවනයේ යෙදෙනුයේ ගුවන්යානා 14ක් බවද ඇමැතිවරයා පැවසුවා.

නිවැරදි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරමින් විනිවිද ක්‍රියාවලියක් යටතේ ගුවන්යානා මිල දී ගැනීමට කටයුතු කරන විට ඇතැම් මාධ්‍ය මඟින් අසත්‍ය ප්‍රචාර ගෙන යෑම කනගාටුදායක බවද ඇමැතිවරයා කියා සිටියා.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *